පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

February 14, 2023

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාව සහ දිනය වෙන්කරවාගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසට ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඊයේ (13) උදෑසන ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයට නිකුත් කිරීමට නියමිතව තිබූ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමක් නොහැකි විය.

ඊයේ (13) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබු සියලුදෙනාටම අද (14) දිනයේ පෙරවරු 12න් පසුව සිය විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙසටය.

අද පැමිණීමට හැකියාවක් නොමැති සියලුදෙනාටම ඔවුනගේ විදෙස් ගමන් බල පත්‍රය නිවස යැවීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“සිකුරාදා දිනයේ වේලාවන් වෙන්කරවා ගත් අය සෙනසුරාදා පැමිණෙන ලෙසත් ඉල්ලීමක් කරනවා. 13 වනදා පැමිණි අය සඳහා අද දහවල් 12 න් පසු ගමන් බලපත්‍ර නිකුත් කරන්න කටයුතු කරනවා. ඊයේ දින බාරදීපු කාටහරි අද එන්න බැරිනම් ඒ සියලුදෙනා වෙනුවෙන් අදාළ බලපත්‍රය ඒ අයගේ නිවසට යැවීමට කටයුතු කරනවා.”

t

o

p