රුපියල් බිලියන 200ක හිඟ ආදායම් බදු අයකරගැනීමට නව නීති

February 13, 2023

දේශීය ආදායම් බදු ආඥා පනත සංශෝධනය කර නව නීති පනවා හෝ හිඟ ආදායම් බදු අය කර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දෙහිඕවිට – මහායාය ප්‍රදේශයේ ඊයේ (12) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

රුපියල් බිලියන 200කට අධික හිඟ ආදායම් බදු ප්‍රමාණයක් ඇති බවට මාධ්‍ය වාර්තාවන් පළ වී ඇතත් එය වසර 30ක පමණ කාලයක සිට එකතු වූ මුදල් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී සඳහන් කරන ලදි.

t

o

p