භූ චලන ගැන සොයන්න කණ්ඩායම් දෙකක්

February 11, 2023

මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ (10) දහවල් භූ චලන දෙකක් ඇතිවිය.

ඒ, රික්ටර් මාපාංක 3 ක අගයකින් සහ රික්ටර් මාපාංක 3.5ක් ලෙසිනි.

මේ අතර බුත්තල ප්‍රදේශයේ සිදුවූ භූ චලනවලට හේතුව ඉන්දු සාගර පතුලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් කඳුවැටියේ ඇති වූ භූ කම්පනයක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

t

o

p