බුත්තල හා වැල්ලවායේ සුළු භූ කම්පන

February 11, 2023

අද (11) තවත් සුළු භූ කම්පනයක් වැල්ලවාය ප්‍රදේශයේ සිදු වී තිබේ. අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි .
එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බවත් වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි කේන්ද්‍රය ලෙස සටහන් වී තිබේ.

මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ දහවල් 12.11ට පමණ එලෙස භූ චලනයක් ඇතිවූ අතර ඉන් විනාඩි තුනකට පසුව එනම් දහවල් 12.14ට ද තවත් භූ චලනයක් සිදුවූ බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේය.

කම්පනය හේතුවෙන් ජීවිත අවදානමක් නොමැති බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා තිබුණි.

t

o

p