ඡන්දය තියන්න කොමිසමට බාධාවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

February 10, 2023

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා අද (10) ප්‍රකාශ කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අවස්ථාවේදී විනිසුරුවරයා ඒ බව සඳහන් කර ඇත.

t

o

p