ගෘහස්තව තේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දෙයි

February 9, 2023

මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධාන අපනයන බෝගයත් ලෙස මෙන්ම ලෝකයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින පානයක් ලෙසත් මෙරට තේ සඳහා ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිවී තිබේ.

මෙතෙක් පැවති සාම්ප්‍රදායික නිෂ්පාදනයට අමතරව කුඩා තේ වතු හිමියන්ට ද වැඩි ආදායමක් ලබා ගැනීමට හැකි වන පරිදි ගෘහස්ථ තේ නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස අතින් තේ නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලියක් හදුන්වා දී තිබේ.

එමගින් කුඩා තේ වතු හිමියන්ට තම නිවෙස් තුළ සිටම තේ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින අතර එලෙස නිෂ්පාදනය කරන තේ කිලොවක් ඩොලර් 40 – 45 වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව ද පවතියි.

t

o

p