ග්‍රාම නිලධාරි සංගම්වල නියෝජිතයින් මැතිවරණ කොමිසමට

February 9, 2023

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ග්‍රාම නිලධාරි සංගම්වල නියෝජිතයින් අද (09) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

ඡන්දපොළ ඇතුළු ඡන්දයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා පස්වරුවේ ඔවුන් කොමිසම වෙත කැඳවා ඇති බවයි සඳහන් කළේ. එමෙන් ම, සියලු ම දිස්ත්‍රික්ක නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ද අනිද්දා (11) මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇත.

t

o

p