තුර්කියේ හදිසි තත්ත්වයක් : මිය ගිය ගණන 5,000 ඉක්මවයි : මුදාගැනීම් සඳහා ශ්‍රී ලංකාවේ සහය

February 7, 2023

නිල වශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව යළිත් ඉහළ යාමත් සමග තුර්කියේ ගිනිකොන දිග ප්‍රදේශයේ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූ කම්පා හේතුවෙන් මිය ගිය ගණන 5,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමු භූමිකම්පාවෙන් පසුව තුර්කියේ පමණක් 3,419කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර 20,534 දෙනෙකු තුවාල ලැබූ බව එරට ආපදා ඒජන්සිය පවසයි.

සිරියාවේ 1600කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

භූ කම්පා හේතුවෙන් තුර්කියේ ගොඩනැගිලි 6,000ක් කඩා වැටී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි භූමි කම්පා හේතුවෙන් ආපදාවට ලක් වී සිටින එරට ජනතාව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සහය දෙන බව තුර්කි විදේශ අමාත්‍යවරයාට ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

t

o

p