2023 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් කැඳවයි

February 3, 2023

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා ඇත.

ඒ අනුව පෙබරවාරි මස 13 වැනි දින සිට පෙබරවාරි මස 22 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදු කිරීමට හැකියි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචිය ලබාගත හැකියි.

මෙම විභාගය සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.

t

o

p