රුසියානු ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

February 3, 2023

යුක්රේනය නිසා ඉතිහාසය යළි ලියැවෙමින් ඇති බවත්, විශ්වාස කළ නොහැකි වුවද සත්‍ය එය බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. ඔහු සඳහන් කළේ ජර්මනිය යළිත් සිය යුද ටැංකි මගින් රුසියාවට තර්ජනය කරන බවයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ස්ටෑලින්ග්‍රෑඩ් සටනේ 80 වන සැමරුමට එක්වෙමින් මොස්කව් නුවරදී රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බවයි.

යුක්රේනයට අතිනවීන යුද තාක්ෂණයෙන් යුත් ලෙපර්ඩ් 02 වර්ගයේ යුද ටැංකි සැපයීමට ජර්මනිය ගත් තීරණය මගින් රුසියානු ජනාධිපතිවරයා දැඩි ලෙස උදහසට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එහිදී යුක්රේන යුද්ධය, ජර්මානු නාසි හමුදාවට එරෙහිව ගෙන ගිය යුද්ධය සමග සන්සංදනය කිරීම ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින්ගේ දැඩි අවධානයට යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p