මැතිවරණය පැවැත්වීමෙන් රටට ලැබිය හැකි වාසි

January 29, 2023

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීම හා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය හරහා ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ගොඩනැගිය හැකි බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මැතිවරණය පැවැත්වීම හරහාද ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන්ද ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීමට හැකිවන බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකා පී එස් එම් චාල්ස්ගේ ඉල්ලා අස්වීම පිළිගන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නොමැති බව ජනාධිපති කාර්යාලය පවසයි.

t

o

p