උසස් පෙළ අවසානය දක්වා විදුලිය කැපීම අත්හිටුවයි

January 25, 2023

අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් සහ මහජන උපයෝගිතා යන කොමිසන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කළ බවත් ඒ සඳහා වැයවන පිරිවැය අයකරගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේ කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගෙවීමට ප්‍රමුඛතාව දියයුතු යැයි විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම උපදෙස් දුන් බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (25) පස්වරුවේ බලශක්ති අමාතයංශයේ ලේකම්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිග සංස්ථාව, ලංකා සහ මහජන යන බැංකුවල සභාපතිවරු එම කොමිසම හමුවට කැඳවූහ.

t

o

p