ජපානය සහ යුනිසෙෆ් සංවිධානයෙන් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට

January 24, 2023

මෙරට ළමයින් සඳහා ප්‍රතිශක්තිකරණ සහ පෝෂණ සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය විසින් යුනිසෙෆ් සංවිධානය හා එක්ව ලබාදුන් එන්නත් බහලුම් ශීත කාමර හා පෝෂණ සැපයුම් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දී තිබෙනවා.

2021 වසරේ දී එන්නත් බහාලුම් ශීත පෙට්ටි සහ උෂ්ණත්ව මාපකයන් බෙදා දීමේ වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් මෙය වන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 03ක්.

මේ යටතේ අධික උෂ්ණත්වයට සංවේදී එන්නත් විශාල ප්‍රමාණයක් එකවර ගබඩා කිරීමේ පහසුකම් සහිත ශීත කාමර 13ක් පවතිනවා.

එම අවස්ථාවට එක් ව සිටි එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් කූග් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දරු දැරියන්ගේ කෙටි කාලීන සහ දිගුකාලීන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ජපන් රජය සහ යුනිසෙෆ් සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධ ව කටයුතු කරන බව යි.

t

o

p