පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසම හමුවට

January 24, 2023

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා නාමයෝජනා ලබාදුන් දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇත.

පෙරවරු 10 ට එම සාකච්ඡාව සදහා සහභාගි වන ලෙසයි මැතිවරණ කොමිසම දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇත්තේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය වේ.

මේ අතර මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රි 12 න් අවසන් විය. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ වුණේ ඉකුත් 05 වනදා සිටයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය මේ සතිය තුළ ආරම්භ කිරීමට නියමිතය.

t

o

p