කැලණිතිස්ස නවතී

January 22, 2023

විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව ලබන සතියේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 7 න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට යෝජනා කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසා තිබුණි.

එම ඉල්ලීම ඉටුකිරීම දුෂ්කර එකක් බව විදුලි බල මණ්ඩලය මේ වනවිට දන්වා ඇත.
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද(22) අළුයම සිට අක්‍රීයව ඇති බවද වාර්තා වේ.
විදුලිබල මණ්ඩලය සතුව නැප්තා සංචිත නොමැති වීම හේතුවෙන් මෙම බලාගාරයේ කටයුතු මෙසේ නතරවී ඇති අතර මෙගාවොට් 165ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවී පවතී.


t

o

p