FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය අහෝසි කරයි

January 22, 2023

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය අහෝසි කර තිබේ.

එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම පිළිබඳ ලිපියක් මගින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙතය.

පසුගියදා පැවැත්වූ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම, ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම යන කරුණු මත මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

t

o

p