නානුඔය මාරක අනතුර ගැන දැනුම්දීමක්

January 21, 2023

නානුඔය ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් හත් දෙනෙකු මියගොස් තිබේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෙනත් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකට ගැටීමෙන් අනතුර සිදුවී තිබුණි.

බස් රථය තුළ තර්ස්ටන් විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසුන් 41දෙනෙක්, ගුරුවරු සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූ ඔවුන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් වෑන් රථය මුළුමනින්ම වාගේ කුඩු පට්ටම් වී තිබෙන අතර බස් රථය අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලී ගොස් ඇත.

නානුඔය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත්, බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙි.

t

o

p