තෛපොංගල් දිනය අදයි

January 15, 2023

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කරමින්, ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස මෙවර තෛයිපෝංගල් උත්සවය සැළකිය හැකි බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තෛපොංගල් දිනයට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව දක්වා තිබේ.

ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත් තෛයිපොංගල් උත්සවය, කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියන රට, වත්මන් තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සහ ග්‍රාමීය පුනර්ජිවනය සඳහා වන සක්‍රීය සංකල්පයකට උත්තේජනයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද තෛපොංගල් දින පණිවුඩයක් නිකුත් කර තිබෙන අතර ඔහු පෙන්වා දෙන්නේ සොබාදහම සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතරින් හින්දු බැතිමතුන් තෛයිපොංගල් උත්සවයට ප්‍රමුඛතාවක් දෙන බව ය.

සොබාදහමට එරෙහිව කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵලය ද ඊට සමානුපාතික වන බව, විපක්ෂ නායකවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.

t

o

p