විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

January 14, 2023

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, එම ප්‍රමාණය 2021 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 46ක ඉහළ යාමක් බවය.

2021 වසරේ දෙසැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 325.2ක් ලෙස දැක්වුණි.

t

o

p