හමුදා සාමාජිකයින් ලක්ෂයක් දක්වා අඩු කිරීමට තීරණයක්

January 14, 2023

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනුමත සාමාජිකයින් සංඛ්‍යාව 200,783ක් වුව ද 2024 වසර වන විට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇතැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

එමෙන් ම, 2030 වසර වන විට ඵම සංඛ්‍යාව 100,000 දක්වා සංඛ්‍යාවක පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශය මේ බව පැවසීය.

වත්මන් තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙම තීරණය ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

“ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය යනු, කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතී. සන්නද්ධ හමුදාවන්ගේ වියදම් රජය විසින් දරනු ලබන අතර ඵය ජාතික සහ මානව ආරක්‍ෂාව සහතික කරමින් ආර්ථික වර්ධනය සඳහා මාර්ග විවෘත කරයි.

වත්මන් තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුව ද 2024 වන විට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති අතර 2030 වන විට ඵම සංඛ්‍යාව 100,000 දක්වා ප්‍රමාණයක පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව ය.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ උපායමාර්ගික සැලැස්මෙහි සමස්ත අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට සමගාමීව ඕනෑ ම ආරක්‍ෂක අභියෝගයකට මුහුණ දීම සඳහා 2030 වසර වන විට උපායමාර්ගික සහ තාක්‍ෂණිකව සුදුසුකම් ලත් සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීම ය.”

t

o

p