T20 තරගාවලි⁣යේ ජය ඉන්දියාවට

January 8, 2023

සංචාරක ශ්‍රී ලංකාවට එරෙහි තරග තුනකින් යුත් පන්දුවාර 20-20 තරගාවලිය තරග 2 -1ක් ලෙස ඉන්දියාව ජය ගත්තේ ය.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඉන්දීය නායක හර්දික් පාන්ඩයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 228කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක ලකුණූ 44ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 96 කදී දැවී ගියේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16යි පන්දු 5ක් අවසානයයේ සියලු දෙනා දැරී රැස් කිරීමට සමත් වූයේ, ලකුණු 137 ක් පමණි.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිත ය.

t

o

p