කෝප් කමිටුවෙන් චාරිකා වටයක්

January 6, 2023

දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා ඇති රජයේ ආයතන කැඳවීමට පෙර ඒ ආයතනවල ක්ෂේත්‍ර චාරිකාවන්හි නිරතව පුළුල්ව කරුණු සොයා බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

කෝප් කමිටුව ලබාදෙන නිර්දේශ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙක්ට අභියෝග කිරීමට නොහැකි වන පරිදි කතානායකවරයා වෙත පැමිණිල්ලක් සිදුකළ යුතු බව කෝප් කමිටුවේ සාමාජිකයින් පවසයි. 

එම සාමාජිකයින් මෙලෙස සඳහන් කළේ පසුගියදා මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කෝප් කමිටුවේ ක්‍රියා කලාපය විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

පසුගියදා කොළඹ පැවති උත්සයකදී මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කෝප් කමිටුවේ මෙන්ම විගණකාධිපතිවරයාගේ ක්‍රියාකලාපයද දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.

t

o

p