පෘථිවිය සූර්යයාට ආසන්න වෙයි

January 4, 2023

අද (4) දින පෘථිවිය සූර්යයාට ආසන්නයෙන් ම සිටින දිනය බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසයි.

අනුර සී. පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම සතිය සූර්යාලෝකය වැඩියෙන් ලැබෙන බව ය.

එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙනි. ‘පෙරිහීලියන්’ ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (4) රාත්‍රී 9.30ට උදාවුව ද ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතී.

සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යයාට දුර කිලෝ මීටර් මිලියන 150ක් පමණ තිබුණ ද අද දිනයේ පොළොව සූර්යයාට කිලෝමීටර මිලියන 5කින් පමණ ළං වී ඇත.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මෙසේ පැවසීය.

“මේ අවස්ථාවේදී ඒ අධික උණුසුමෙන් බේරීම සඳහා කුඩයක් පාවිච්චි කළහොත් නුවණට හුරුයි කියලායි මට තේරෙන්නේ. හේතුව තමයි අපේ ශරීරය, සමේ චර්ම රෝග ඇතිවෙන්නට පුළුවන්. එතකොට වෙන වෙන ආබාධ ඇති වෙන්නට පුළුවන්. ඒ එක්ක ම හිතලා වැඩිපුර වතුර ටිකක් බොන්න එක ඇඟට ගුණයි.”

t

o

p