ඛණිජ තෙල් සංස්තාවේ පිරිවැයෙන් තුනෙන් එකක් නිලධාරීන් නඩත්තුවට

January 3, 2023

ලංකා ඛණිජ තෙල් සංස්තාවේ වාර්ෂික පිරිවැයෙන් තුනෙන් එකක මුදලක් ආනයනය කර හො පිරිපහදුකර බෙදාහිරනු ලබන ඉන්ධන නියමිත ලෙස පිරවුම්හල්වලට ලැබේද යන්න අධික්ෂණය කිරිමට හා එ බව පරික්ෂාවට සිටින නිලධාරීන් නඩත්තුව සදහා වැය වන බව එම සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම වර්ෂයේ සංස්ථාවේ මුලු පිරිවැය බිලියන හතලිස් පහක් වන අතර ඉන් බිලියන දාහතක්ම වැය කර ඇත්තේ අලෙවි අංශය සදහා බව වාර්ෂික වාර්තාවේ සදහන් වේ.

අලෙවි අංශයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් හා අනෙකුත් නඩත්තු වියදම් සදහා බිලියන දාහතරක් වැය කරයි. ඊට අමතරව පළාත් නවයේ පිහිටි අලෙවි ප්‍රාදේශිය කාර්යාල නවයක් හා ලිහිසි තෙල් අංශය,වැඩ අංශය,හා තාර අංශයද වෙළඳ අලෙවි අංශය යටතේ පාලනය වේ.

මේ සියලුම අංශ සදහා සේවකයින් තුන්සිය විස්සකට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන්දියන් තෙල් සමාගමේ මෙම කාර්ය්‍ය කිරිමට සේවකයින් පහළවකට අඩු පිරිසක් සිටින බව වාර්තා වේ.මෙතරම් සේවක පිරිසක් හා ප්‍රාදේශය කාර්යාල තිබියදිත් පිරවුම්හල්වල තිබිය යුතු අනිවාර්ය්‍ය අංගද නොමැති අතර අඩුම තරමේ වැඩි ප්‍රමානයක වාහනවල ටයර් සදහා අවශ්‍ය වාතය ලබා ගැනිමට ඇති යන්ත්‍ර ද ක්‍රියාත්මක නොමැති බව නිරික්ෂණය වේ.

t

o

p