අරලියගහ මැදුර අසල මල්වඩම් හා සුදු කොඩි

April 24, 2022

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිටට අද අවමංගල්‍ය පෙරහැරකින් පැමිණි විරෝධතා කරුවන් පිරිසක් එහි ඇතුළුවීමේ දොරටුවේ සහ තාප්පයේ රුධිර පැල්ලම් සිහිපත් කරන රතු තීන්ත සහිත සුදු කොඩි ඔසවා විරෝධතාවක් පැවැත්වූහ.

එමෙන් ම රැගෙන ආ මල්වඩම් රැසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට තැබූ ඔවුහු සාමකාමී උද්ඝෝෂණයක නිරතවූහ. එම ස්ථානයේ පොලිස් නිලධාරීන් රැසක් සිටිය ද ඔවුන් අරගලකරුවන්ට කිසිම විරෝධතාවක් දැක්වූයේ නැත.

t

o

p