ඉටිරෙදි පැල්පත්වල දුක් විදින ගඟ ඉහළ වැසියෝ

March 26, 2022

වසර 5ක් ඉටිරෙදි පැල්පත්වල ටකරන් මඩු වල නැදැ ගෙවල් වල ජිවත් වෙන ලංකාවෙ පවුල් 250ක් පිළිබද අපට නාවලපිටිය ගඟ ඉහළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා විය.

2016 වර්ෂයේ මැයි මාසේ ලංකාවෙ ඇතිවු අයහපත් කාලගුණය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ගඟ ඉහල ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ බෙරවිල කන්ද නාය ගොස් එම කොට්ඨාශයේ පවුල් 250 කට ආසන්න පිරිසක් නිවාස ඉඩමි අහිමි විය.

ඔවුන්ට නිවාස ලබා දිම සදහා කුරුදුවත්ත රාජකිය විදුහල අසල ඉඩම ලබා දි අත්තීවාරම් දමා වසර 5කි. නමුත් තවම අවසානයක් නොමත. ආපදා අමාත්‍යාංශය නැවත පදිංචි කිරිම අංශය හා දිස්ත්‍රික් නිලධාරින්ගේ නොසලකිල්ල නිසා මෙම පවුල් 250ක ජනතාව හා දරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇත මෙම ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ නිවාස ගමිමානය හෝ නිවාස ලබා දෙන ලෙසයි.

t

o

p