විදුලි බිල දෙගුණයකින් ඉහළට

March 19, 2022

සෑම විදුලි ඒකකයකින්ම රුපියල් දහතුනක පාඩුවක් සිදුවන බැවින් විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම යෝජනාවලිය අධ්‍යයනය කර සංශෝධන සහිතව අනුමැතිය ලබාදෙන බව එම කොමිෂන් සභාව පවසයි.

t

o

p