රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්

December 23, 2021

බන්ධනාගාරගතව සිටින සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ රංජන් රාමානායක මහතා විසින් මේ පිළිබඳ කරන ලද ඉල්ලීම සම්බන්ධව අධිකරණ ඇමැතිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ද උපදෙස් අනුව කටයුතු කරමින් සිටින බවයි.

t

o

p