පළාත් පාලන ඡන්දය වසරකින් කල්දැමීමේ තිරණයක්

December 16, 2021

පළාත්පාලන ඡන්දය වසරකින් කල් දැමිමට රජය තිරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමුකර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතියත් සමග එය මැතිවරණ කොමිසමට යැවිමට ක්‍රියා කරන බව ද ඔහු සඳහන් කලේය.

කෙසේ වුවද වසරක් ගතවීමට පෙර පළාත්පාලන ඡන්දය පැවැත්වීම රජයේ අපේක්ෂාව බව ඔහු කියා සිටියේ කුකුලේගග පැවති පළාත්පාලන මහජන නියෝජිතයන් පුහුණු කිරීමේ තෙවැනි වැඩමුඑවට පසුගිය දා එක්වෙමිනි.

t

o

p