අයහපත් කාලගුණයට ජීවිත 15ක් බිලි වෙයි

November 10, 2021

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දියේ ගිලීම් හේතුවෙන් මරණ 9ක්, බිත්ති කඩා වැටීමෙන් 1ක්, පස් කණ්ඩි කඩාවැටීමෙන් 3ක්, අකුණු සැර වැදීම හේතුවෙන් මරණ දෙකක් මෙලෙස වාර්තා වී ඇති බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

මෙම මරණ අතරින් මරණ 6ක් ඊයේ (9) දිනයේ වාර්තා වී තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක පවුල් 7529කට අයත් පුද්ගලයන් 28263 දෙනකු අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.

මේ අතර කෑගල්ල රඹුක්කන උඩගලදෙණිය ප්‍රදේශයේ නිවෙසක් මතට ඊයේ (9) අලුයම 4.30ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනකු මිය ගොස් තිබෙන අතර නිවෙස සම්පූර්ණයෙන්ම පසට යටව ගොස් තිබේ.

t

o

p