ගුවැන්ෂූ අධිවේගී දුම්රියවල පරිභෝජනයට ශ්‍රී ලාංකේය රසකැවිලි

November 3, 2021

චීන-ශ්‍රී ලංකාආර්ථික, වෙළඳ, සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුව විසින් ආයෝජන, වෙළඳ හා සංචාරක කර්මාන්ත පිළිබඳ සොයා බලයි

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන – ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ සංගමය (China-Sri Lanka Chamber of Economic and Trade Cooperation) හා එක්ව 2021 ඔක්තෝබර් 26වන දින එම තානාපති කාර්යාලයේදී චීන – ශ්‍රී ලංකා ආර්ථික, වෙළඳ හා සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුවක් සංවිධානය කළේය.

මෙම අවස්ථාවේදී ප්‍රධාන අවධානය යොමු වූයේ, හැකියාව සහිත චීන ආයෝජකයින් හා සංචාර සංවිධායකයින් අතර ආයෝජන අවස්ථා, වෙළඳාම හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහිය.

 CZK Industry Group, Hunan Construction Engineering Group, Caissa Travel Group, Yuan’s Seed Company Limited ඇතුලු ප්‍රධාන පෙලේ චින සමාගම්හි නිලධාරිහු, චීන – ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ සංගමයේ (CSLATE) සාමාජිකයෝ සහ තානාපති නිලධාරිහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

t

o

p