පාර හදා දෙන්නැයි ගම්මු පාරට බසිති

October 16, 2021

අබලන්ව ඇති හොරණ – වගවත්ත මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා මාර්ගය හරහා ලී කොට යොදා හරස් කරමින් පසුගියදා උදෑසන වගවත්ත ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ.

හොරණ ආයෝජන මණ්ඩලයේ කර්මාන්තපුරයට හා තවත් ගම් කිහිපයකට ගමන් කරනා ප්‍රධාන මාර්ගය මෙය වන අතර මේ හේතුවෙන් කර්මාන්තශාලාවල සේවයට පැමිණි සේවකයන් 500කට ආසන්න පිරිසක් සහ වාහන විශාල ප්‍රමාණයක් ගමන් කළ නොහැකිව සිර වී දැඩි අපහසුතාවට පත් විය.

මීට වසරකට පමණ පෙර කර්මාන්තශාලාවක් විවෘත කිරීමට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ මාර්ගයේ කොටසක් කාපට් අතුරා සංවර්ධනය කළත් ඉතිරි කොටස පිළිබඳ මෙතෙක් කිසිවකුගේ අවධානය යොමු වී නැතැයි ඔවුහු පෙන්වා දෙති.

t

o

p