සහල් මිල වැඩිවෙයි

October 16, 2021

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් ලබා දෙන බව කියූ මිලට නාඩු, සම්බා සහ කීරි සම්බා වෙළෙඳ පොළට නොලැබෙන බව තොග වෙළෙන්දෝ පවසති.

සහල් පාලන මිල ඉවත් කිරීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 115කටද, සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 140කටද, කීරි සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 165කටද දිවයින පුරා බෙදා හරින බවයි.

එහෙත් ඊයේ(15) පස්වරුව වන විට වෙළෙඳ පොළේ නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 දක්වාද සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 145 දක්වාද, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 175 දක්වාද මිල ඉහළ ගොස් ඇති බව අනාවරණය විය.

ඊට සාපේක්ෂව වී මිල ද ඉහළ ගොස් ඇත. නාඩු වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 71 දක්වාද, සම්බා වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 77 දක්වාද, කිරි සම්බා වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 96 දක්වාද වැඩි වී ඇත.

t

o

p