අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ගැසට් කරයි

August 31, 2021

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි දිවයින පුරා ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ඊයේ(30) සිට බලපැවැත්වෙන පරිදි ය.

මේ අතර ඊයේ(30) රාත්‍රී නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරන බවය.

වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම්, අධික මිල ගණන්වලට අලෙවි කිරීම් තහනම් කරමින් මෙම හදිසි නීති රෙගුලාසි පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය කළේය.

t

o

p