කොවිඩ් අවසන් වෙනකොට ආණ්ඩුවට යන්න පාරක් නැති වෙයි

August 15, 2021

කොවිඩ් 19 වසංගත තත්තවයත් එක්ක මේක ඇදගෙන යන්න එපා. ආණ්ඩුව මොකද එයාලාගේ වැඩ නවත්තලා නැහැ. එගොල්ලෝ එගොල්න්ගේ බිස්නස් කර ගන්නවා. සත විසිපහට බදු ගෙවලා සීනි ගෙනල්ලා වරායේ තියන් ඉඳලා සීනි 150 වුණාම ඒවා නිදහස් කරලා දෙනවා. රු. කෝටි 2500ක පමණ ශුද්ධ ලාභය යාලුවන්ගේ සාක්කුවට දාලා දෙනවා.

නාවික හමුදාව පහුගිය අවුරුදු 5 තිස්සේ අවුරුද්දට කෝටි 600 – 700 ක් ආදායම උපයපු මේ වරායට එන නැව්වල තුවක්කු ටික පරිස්සන් කරලාට වැඩිය ඩොලර්වලින් හම්බුවෙන්නේ. අද කොත්තමල්ලි, පරිප්පුවලට බදු ගහනවා. ගැස් මිල වැඩි වෙනවා.

ජනතාවට බර දෙනවා. භාණ්ඩාරයට දෙන සල්ලි ටික යාලුවන්ගේ ගිණුම්වලට යනවා. ලබන සඳුදා මේකට විසඳුමක් නොදුන්නොත් කොවිඩ් අවසන් වෙනකොට ආණ්ඩුවට යන්න පාරක් නැති වෙයි.

වසන්ත සමරසිංහ

t

o

p