වනජීවි නිලධාරින්ට පහරදුන් බව කියන මේජර් ජනරාල්ට ඇප

July 1, 2021

මින්නේරිය ජාතික වනෝද්‍යානය ආසන්න ප්‍රදේශයේදී වනජිවි නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම සහ පහරදීමේ චෝදනා එල්ල වීමෙන් පසු අත්අඩංගුවට පත්වු යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ශරීර ඇප මත නිදහස් කර තිබේ.

අද (01) පෙරවරුවේ හබරණ පොලීසිය පැමිණ භාර වු අවස්ථාවේ දී ඒ මහතාව අත්අඩංගුවට ගැනු ලැබීය.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හබරණ ආශ්‍රීත බටහිර ප්‍රදේශයේ ගැවසෙන අලි පැටවෙකු පැහැර ගැනීමට කිසියම් පිරිසක් තැත්කරන බවට ලද තොරතුරක් මත වනජීවි නිලධාරින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ පසුගිය 23 වනදා රාත්‍රීයේ සිටය.  

වනජීවි නිලධාරින් මෙලෙස රැකවල්ලා සිටියදි ඉකුත් 25 වනදා රාත්‍රී 10ට පමණ සැකකටයුතු මෝටර් රථ 02ක් වනෝද්‍යානයට ඇතුළු වී ඇති අතර වනජීවි නිලධාරින් එම මෝටර් රථ 02ක පරික්ෂා කිරීමට උත්සහා කළද ඒවා නොනවත්වා ධාවනය වී තිබේ.

එහිදි මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරත නිලධාරින් අදාළ රථ දෙක පසුපස ලුහුබැඳ ඇති අතර ඒවා ඇතුළු වී ඇත්තේ අනුරාධපුර ප්‍රධාන යුද හමුදා කඳවුරකටය.

අනතුරුව වනජීවි නිලධාරින් ආපසු හැරි පැමිණෙමින් සිටියදි හබරණ හා මරදන්කඩවල අතර ප්‍රදේශයේදි හමුදා නිලධාරින් පිරිසක් වනජීවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පහරදීමක් සිදුකර තර්ජනය කර තිබේ.

තර්ජනය කළ හමුදා නිලධාරින් අතර මේජර් ජනරාල් මොහාන් රත්නායක මහතාද සිට ඇති අතර එම පිරිස තමන්ට තර්ජනය කරන ආකාරය වනජීවි නිලධාරින්ගේ ජංගම දුරකථනයක පටිගත වී තිබුණි.

පසුව එම සිදුවීම සම්බන්ධයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ලේ මහතා සහ වන අඩවි ආරක්ෂක නිලධාරියෙකු හබරණ පොලීසියට පැමිණිලි කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය ඊයේ කැකිරාව මහෙස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතාට කරුණු වාර්තා කර ඇති අතර එහිදි මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුනේ සැකකරුවන් කවුරුන්ද යන්න සහ ඔවුන් ගමන්ගත් වාහන පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ අනුව සැකකරු පොලීසියට භාරවී තිබුනි.

t

o

p