පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් වැඩිවේ. බේකරි නිෂ්පාදන සියල්ලේම මිල ඉහළ යයි.

July 1, 2021

තිරිඟු පිටි මිල රුපියල් 18 කින් ඉහළ යාම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

රජය මැදිහත්වී තිරිඟු පිටි මිල සංශෝධනය නොකළහොත් ලබන සඳුදා සිට පාන් ගෙඩියක මිල රු 10කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එම්.කේ. ජයවර්ධන මහතා පවසයි.

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රු 5 – රු 10ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා පිටි වර්ගවල මිල පසුගිය සිකුරාදා සිට රු 18 කින් ඉහළ නැංවීමත් සමඟ මෙම තීරණය ගත් බව ද එම්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේය.

t

o

p