කොවිඩ් මරණ 09ක්

May 2, 2021

ඊයේ(01) දිනයේදී තවත් කොරෝනා මරණ 09ක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.   

ඒ අනුව සමස්ත කොවිඩ් 19 මරණ 687ක් ලෙස ඉහළ ගොස් ඇත.  

මෙම කොරෝනා මරණ වාර්තා වුයේ කරඳන, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, දේවාලගම, මාවනැල්ල, යක්විල, වලපනේ, රත්නපුර සහ කුලියාපිටිය යන ප්‍රදේශවලින්.

ඊයේ වාර්තා වු කොරෝනා මරණ 09 අතර යක්කල ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙකුද වේ. 

t

o

p