බස්නාහිර රෝහල්වල ඇඳන් සම්පූර්ණ ධාරිතාවට පැමිණෙයි

May 1, 2021

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන් ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර ඇති රෝහල්වල ඇඳන් සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ගාමිණී ධර්මසේන මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් අලුතෙන් වාර්තා වන රෝගීන්ට රෝහල්වල ඉඩක් ලබා දීමට නම් දැනට සිටින රෝගීන් බැහැර වනතෙක් සිටීමට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

රෝහල් ඉඩක් සොයා ගැනීමට අපහසු වීමෙන් පසුගිය 28 වැනි දා ආසාදිතයකු මිය ගොස් ඇත.

t

o

p