නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරේ

April 25, 2021

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍යය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය විශාල ලෙස සංචාරකයන් පිරිසක් පැමිණ සිටි.

නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටිහ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටි අතර, නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.

නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන්ගෙන සිටින බවද පැවසේ.

t

o

p