අවුරුදු සමයේදී කුකුලා 800ක් වන ලකුණු

March 31, 2021

සහල් මාෆියාවට නොදෙවෙනි මාෆියාවක් කුකුල් මස් සඳහා ද නිර්මාණය වෙමින් පවතින නිසා සිංහල හිංදු අලූත් අවුරුදු සමය වනවිට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 ඉක්මවා යා හැකි යැයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක සදහන් කර සිටිනවා.

සත්ව ආහාර මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා සාමාන්‍ය නිෂ්පාදකයන් කුකුල් මස් සැපයීමෙන් ඉවත්වෙමින් සිටින බවත් එය ප‍්‍රයෝජනයට ගෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන් පස්දෙනෙකු කුකුල් මස් මාෆියාව සියතට ගෙන සිංහල අවුරුද්ධට කුකුල් මස් හිඟයක් මවා මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කර සිටියා.

මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන්ට විශාල ගීතාගාර පවතින නිසා කුකුල් මස් ගබඩා කරගෙන හිඟය මතුවීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේ.

t

o

p