රසායනික අඩංගු පොල්තෙල් බවට සැක තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

March 30, 2021

විෂ රාසායනික අඩංගු බවට හෙළිව තිබෙන ආනයනික පොල් තෙල් බවට සැකපිට පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත මෙලෙස පොල් තෙල් ලීටර් 27,500ක් සහිත බවුසර් දෙක ඊයේ (29) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මුදා හැර තිබේ.

රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා එම පොල් තෙල් තොගය රැගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.

එම තෙල් බවුසර් දෙක දංකොටුව නගරයට ආසන්නයේ ඇති තෙල් මෝලක භූමියේ රඳවා තිබිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බවුසර්වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව දංකොටුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

t

o

p