යූ – ටියුබ් නාලිකාවක් හා වෙබ් අඩෙවියක් මගින් එල්.ටි.ටි.ඊ ය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

March 29, 2021

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවිය පවත්වා ගෙනගාය බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යු-ටියුබ් නාලිකාව සහ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය යාපනය, නාවලර් වීදිය ප්‍රදේශයේ ස්ථානයක් අද (29) දින පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ස්ථානය භාරව සිටි කාන්තාව හා පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

35 හැවිරිදි කාන්තාවක් හා 36 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, අදාළ ස්ථානයේ තිබී පරිගණක 5ක් හා ලැප්ටොප් පරිගණක 5ක් ඇතුළු උපකරණ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත. 

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු, එම යු-ටියුබ් නාලිකාව හා වෙබ් අඩවිය මඟින් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරමින් විවිධ පුවත් පළ කරන බවට තොරතුරු තහවුරු වීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ත්‍රස්ත වාදය වැළැක්වීමේ ප්‍රතිපාදන යටතේ සැකකරුවන් ඉදිරියේ දි රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය‍.

t

o

p