රේගුවේ ප්‍රමාදයෙන් විසිතුරු මසුන් ජීවිතක්ෂයට

March 29, 2021


ප්‍රති අපනයන ව්‍යාපෘතියකට අදාළව පුද්ගලික ආයතනයක් විසින් සිකුරාදා (26) මෙරටට ගෙන්වනු ලැබූ මඩුවන් ඇතුළු විසිතුරු මසුන් විශාල ප්‍රමාණයක් රේගු නිළධාරීන්ගේ ප්‍රමාදවීම් නිසා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.

ධීවර හා ජලඡ සම්පත් දෙපාර්තමේන්තුවේ අවසරය මත මෙම මසුන් මෙරටට ආනයනය කර ඇත.

මෙරටට ගෙන්වීමෙන් පසුව මෙම මසුන් නිදහස් කිරීමට ආනයනය හා අපනයන පාලකවරයාගේ අවසරය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර තිබුණි.

එහෙත් රේගු නිළධාරීන් විසින් මෙම මසුන් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ඇතිවූ ප්‍රමාදය නිසා මසුන් මියගොස් ඇතැයි වාර්තාවේ.

t

o

p