විදෙස්ගත ශ්‍රමිකයින්ට නොමිලේ නිරෝධායන පහසුකම්

March 28, 2021

‍මෙරටට පැමිණීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ගෙවීමේ හැකියාවක් නොමැති සියලු ශ්‍රමිකයින් නොමිලේ නිරෝධානය කිරීමට රජය තීරණය කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, ඒ සඳහා හෝටල් 15ක කාමර 800 ක් වෙන් කරගෙන ඇති බවයි.

දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් සංඛ්‍යාව 35,000 කට ආසන්න වේ.

t

o

p