ලෝක කාලගුණ විද්‍යා දිනය

March 24, 2021

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organization) 1950
වසරේ මාර්තු මස 23 වනදා ස්ථාපිත කරන ලද අතර, එදා සිට සෑම වසරකම මාර්තු මස
23 වනදා ලෝක කාලගුණ විද්‍යා දිනය (World Meteorological Day) ලෙස ලොව
පුරාම සමරනු ලැබේ.

ලොව රාජ්‍යයන් 193ක් සාමාජිකත්වය දරන ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ
සියලුම සාමාජික රාජ්‍යයන් විසින් ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීමට පියවර
ගන්නා අතර, කාලගුණය සහ දේශගුණය සහ ඊට අදාළ සාධක පිළිබඳව දැනුවත් කිරීම්
ඇතුළු අදාළ අධ්‍යනයන් සංවිධානය කරන ප්‍රධාන ආයතනය ලෙස ලෝක කාලගුණ විද්‍යා
සංවිධානය එක්සත් ජාතීන්ගේ පිළිගැනීමට ලක් වී ඇත.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ පරිපාලන කමිටුව විසින් සෑම වසරකම ලෝක
කාලගුණ විද්‍යා දිනය සැමරීම උදෙසා කාලීන තේමාවක් තෝරා ගෙන එම තේමාවට අදාළ
විද්‍යාත්මක තොරතුරු සහ වැදගත්කම පිළිබඳ ලොවම දැනුවත් කිරීම උදෙසා විවිධ
වැඩසටහන් සංවිධානය කිරීමට පියවර ගනු ලැබේ.

2021 වසරේ ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීම උදෙසා කාලගුණ විද්‍යා සංවිධානය
විසින් යෝජනා කර ඇති තේමාව ‘සාගරය, අපගේ දේශගුණය සහ කාලගුණය’ (The Ocean,
Our Climate And Weather) වන අතර එක්සත් ජාතීන්ගේ සාගර විද්‍යාව දශකයේ
ආරම්භය සමග අත්වැල් බැඳ ගැනීම උදෙසා මෙම විශේෂ තේමාව යෝජනා වී ඇත.

t

o

p