අවුරුද්දට කොවිඩ් නීති වෙනස් වෙයි

March 20, 2021

එළඹෙන අලුත් අවුරුදු සමයත් සමග යලිත් කොරෝනා අවධානමක් යලිත් මතුවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද පසුගියදා අදහස් දක්වමින් සඳහන් කරන තිබුනේ අලුත් අවුරුදු සමයේදී සංචරණය සිමා කරන ලෙසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අනතුරු අඟවමින් සඳහන් කර තිබුනේ උත්සව සමයේදී භාණ්ඩ මිලදී ගැනීමට යාම සිමා කරන ලෙසය.

එම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් රජය තීරණය කර ඇත්තේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමටයි.

කොවිඩ් වසංගත හේතුවෙන් මේ වන විට පනවා ඇති සෞඛ්‍ය නීති ලිහිල් කිරීමත් සමග ඉන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ වගකීමෙන් භුක්ති විදිය යුතු බවද පෙන්වා දෙන අසේල ගුණවර්ධන මහතා එසේ නොවූ විට නිරෝධායන නීති පෙර තිබූ ආකාරයට දැඩි කිරීමට සිදුවන බවද  කියා සිටියේය.

t

o

p