අසාද් සාලිගේ කාරයේ තිබි සොයාගත් පිස්තෝලය ගැන වෙනම විමර්ශනයක්

March 17, 2021

පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ වාහනයේ තිබි විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් හා උණ්ඩ කිහිපයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයා ගෙන ඇත.

එම ගිනි අවිය හා ඊට භාවිතා කරන උණ්ඩ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

නිතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේදි ඊයේ (16) රාත්‍රියේදි අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් බවත් ඔහු ගමන් ගත් කාරය එම අවස්ථාවේදී ඔහු සිටියදීම පරික්ෂා කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එහිදි විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා ඊට භාවිතා කරන උණ්ඩු සොයා ගෙන තිබේ. ඊට අදාළව වෙනම පරික්ෂණයක් පවත්වන අතර පාස්කු වාර්තාවේ නිර්දේශ මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරික්ෂණ පවත්වන බවද ඒ මහතා සදහන් කළේය.

t

o

p