කොහුවල කාර් රථය ගිනි ගෙන ව්‍යාපාරිකයා මිය යාම ගැන විමර්ශන කණ්ඩායම් දෙකක් සොයයි

March 11, 2021

කොහුවල ප්‍රදේශයේ මාර්ගයක දී කාර් රථයක් ගිනි ගැනීම හා ඒ තුළ තිබු පිළිස්සුණු මළ සිරුර සමබ්න්ධයෙන් විමර්ශන කණ්ඩායම් දෙකක් පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

කොහුවවල, ආසිරි මාවතේ දි ඊයේ (10) රාත්‍රියේ දි වැගන් ආර් රථයක් ගිනි ගෙන ඇති අතර ප්‍රදේශවාසීන් හා ගිනි නිවිම් අංශ එක්ව ගින්න නිවාදැමීමෙන් පසු ඒ තුළ තිබි පිළිස්සුණු මළ සිරුරක් සොයා ගෙන ඇත. පසුව කළ විමර්ශණයේදි මෙලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවතේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව තහවුරු කරගෙන තිබේ.

මිය ගිය පුද්ගලයා රාත්‍රී ආහාරය ගෙන මිතුරකු මුණ ගැසීමට යම් ස්ථානයට යන අතරතුරු මෙලෙස කාර් රථය ගිනි ගෙන ජිවිතක්ෂයට ඇති බව පොලිසිය පවසයි.

කාර් රථය ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා පරික්ෂණ කරන බවත් සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් හා රජයේ රස පරික්ෂක පැමිණ පරික්ෂණ ආරම්භ කළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

රස පරික්ෂක වාර්තා ලැබීමෙන් පසු ගින්න ඇතිවීමට නිශ්චිත හේතු සොයා ගත හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

t

o

p