අමෙරිකාවට නැවතත් කොරෝනා තර්ජන

March 3, 2021

අධික ලෙස බෝවන කොරෝනා වයිරස් ප්‍රභේද පැතිරීම එක්සත් ජනපදයේ සිදුවිම තර්ජනයක් බව උසස් සෞඛ්‍ය නිලධාරියෙක් අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (සීඩීසී) ප්‍රධානියා කියා සිටියේ මෑතදී කොවිඩ් -19 දත්ත පිළිබඳ ඇය සැලකිලිමත් වූ බවයි.

ආචාර්ය රොචෙල් වැලෙන්ස්කි පැවසුවේ පසුගිය සතියේ දිනකට නව රෝගීන් 70,000ක් පමණ වාර්තා වී ඇති බවයි “එය ඉතා ඉහළ සංඛ්‍යාවක්” යැයි ඇය කීවාය.

සීඩීසී රෝකථනය කර ඇත්තේ එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයා ගත් අතිශය බෝවන B.1.1.7 ප්‍රභේදය මේ මාසයේ එක්සත් ජනපදයේ ප්‍රමුඛතම අභියෝගය බවට පත්වනු ඇති බවයි.

t

o

p